தமிழ்
English
Contact
Friday 14th August 2020    
මොරගහකන්ද සම්පූර්ණයෙන් පුරවන්න නොහැකි නිසා ජලසැපයුම් සැලසුම නවතා දමයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මොරගහකන්ද සම්පූර්ණයෙන් පුරවන්න නොහැකි නිසා ජලසැපයුම් සැලසුම නවතා දමයි!



මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියෙන් විශාල සංවර්ධන ක්‍රියාදාමයක් සපිරෙන බවට සැලසුම් අවධියේ ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ හා ඉන්පසුව මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ විසින් පුරසාරම් කීවද නිසි ඉලක්ක සැපිරිය ‌නොහැකි තත්වයට පත්ව ඇතැයි දැනගන්නට ඇත.
වගා කටයුතු සඳහා පොළාන්නරුවට හා අනුරාධපුරයට ජලය සැපයිය හැකි බවට පාලකයන් පැවසුවද විශාල ජනාවාස හා වගා ඉඩම් හා වෙනත් භූමි ප්‍රදේශ යටකර ණයට ගත් දැවැන්ත මුදලක් නාස්තිකර තැනු මොරගහකන්ද ව්‍යාපාරය මෙසේ අතරමග නවතා ඇත.
මොරගහකන්ද ජලාශය ලංකාවේ විශාලම ජලාශය බවට විස්තර කෙරුණද සැලසුම්වල ගැටලු හේතුවෙන් ජලාශය විසින් දරා සිටින ජල ප්‍රමාණය හා ජලාශ බැම්ම විසින් ආවරණය කරන අවකාශය සම්බන්ධ ගැටලු මතුව ඇත. මේ වනවිට ජලාශය පිරවීමේ ජල ධාරිතාවක් සපයාගන්නටද නොහැකිව තිබෙන නිසා මොරගහකන්ද බැම්ම විසින් දැරිය හැකි ජල ධාරිතාව පුරවා නැත.