Posted on 01.09.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
යුද්ධයෙන් මියගියවුන් සිහි කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් ඉදිරක තිබුණු ස්මාරකයක් ඊයේ රාත්‍රියේ බුල්ඩෝසර් යොදා ඉවත්කර ඇත.
මේ ස්මාරකය ඉවත් කිරීමේ සූදානම නිසා යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ රාත්‍රියේ දී නොසන්සුන්කාරී තත්වයක් හටගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇත.
විශ්වවිද්‍යාල පරිශ්‍රය ඉදිකර තිබූ ‘මළවුන්ගේ ස්මාරකය’ සන්නද්ධ බලය යොදා උගුල්ලා දැමීමට විරෝධය පාමින් පිරිසක් එහි රැස්ව තිබේ. යාපනය විශ්වවිද්‍යාල සිසුන් විසින් මෙම ස්මාරක ඉදි කර ඇත්තේ යුද්ධය නිමාවී දස වසරක් ගතවීම නිමිත්තෙන් 2019 වසරේදීය.
යාපනය විශ්ව විද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයන් හා යාපනය ප්‍රදේශවාසීන් අදාළ සැමරුම් ස්මාරකය ඉවත් කිරීමට විරුද්ධවීමත් සමඟ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය හා විශ්ව විද්‍යාල සිසුන් අතර නොසන්සුන්තාවයක් හටගත් අතර, එය පාලනයට පොලිස් නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් ඇතුළු ආරක්ෂක අංශ කැඳවා තිබෙනවා.
අදාළ ස්ථානයට එක්වු යාපනය විශ්ව විද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයන් හා යාපනය ප්‍රදේශවාසීන් ඉල්ලීම් කරනු ලැබුවේ සැමරුම් ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල උප කුලපතිවරයා සමඟ සාකච්ජාවක් පැවැත්විය යුතු බවයි. එහෙත් ඊට අවස්ථාවක් ලැබී නැති අතර රාත්‍රියේ ස්මාරකය ඉවත්කර ඇත.