Posted on 01.11.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව, ආරක්ෂක අංශ විසින් හොර රහසේ විසින් විනාශ කරන ලද යාපනය විශ්වවිද්‍යාලයේ ‘මළවුන්ගේ ස්මාරකය’ නැවත ඉදි කිරීම සඳහා ශිෂ්‍යයන් විසින් අද(11) පෙරවරු 7.00ට මුල්ගල තබන ලදී.
විශ්වවිද්‍යාල පරිපාලනයට බලපෑම් කරමින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඉදිකර තිබුණු මෙම ස්මාරකය මේ දක්වා කිසිවකුගේ විරෝධයක් හෝ කිසිදු උපද්‍රවයක් නැතිව පැවතුණි. 2019 වසරේ මෙම ස්මාරකය පිහිටුවා ඇත්තේ 2009දී යුද්ධයෙන් අහිමි වූවන්ගේ 10 වැනි ස්මරණය වෙනුවෙනි.
පසුගියදා මෙම ස්මාරකය විනාශ කිරීමට සූදානම්වන බව දැනගත් ශිෂ්‍ය පිරිසක් එතැනට පැමිණ ඇත. ප්‍රදේශවාසින් සමග එක්ව, මෙම බලහත්කාරී මැදිහත්වීම සම්බන්ධ විරෝධය පළ කළත් ආරක්ෂක අංශ ඔවුන්ට බාධා කරමින් සන්නද්ධ බලය යොදාගෙන විරෝධතාකරුවන් ඉවත්කර ඇත.
කෙසේවෙතත් විශ්වවිද්‍යාලයේ පරිපාලනය පවසන්නේ මෙම ස්මාරකය ඉවත් කිරීමට කිසිදු තීරණයක් නොතිබූ බවත් ආණ්ඩුවේ බලපෑම මත එසේ කිරීමට අඉදීමට සිදු වූ බවත්ය.
මෙම ස්මාරකය වනසා දැමීමට විරෝධය පළ කරමින් අද දින උතුර හා නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් කැඳවා තිබිණි. මේ බලහත්කාරයට එරෙහිව, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 5 දෙනකු ආරම්භ කළ උපවාසය සත්‍යග්‍රහයක් බවට වෙනස්කර අද සවස 6.00 දක්වා පැවැත්වෙනු ඇත.