தமிழ்
English
Contact
Wednesday 17th August 2022    
යුක්තිය ඉටුකරගැනීමට ගතයුතු හොඳම පියවර ගන්න - පාප්තුමාගෙන් කාදිනල්වරයාට ලිපියක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුක්තිය ඉටුකරගැනීමට ගතයුතු හොඳම පියවර ගන්න – පාප්තුමාගෙන් කාදිනල්වරයාට ලිපියක්



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීමට ගතයුතු හොඳම ඉදිරි පියවර ගන්නා ලෙස ෆ්‍රැන්සින් ශුද්ධෝත්තම පාප්වහන්සේ විසින් මෙරට කාතෝලික සභාවට දැනුම් දී තිබේ.

එහිදී පාප්වහන්සේ පෙන්වා දී ඇත්තේ ඊට තමන් සහාය පළ කරන බවය.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් වෙත ලිපියක් යොමු කරමින් මේ බව දන්වා තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාත්මක විමර්ශන සහ මෙරට කතෝලික සභාව ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පිළිබඳ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ සංවාදයක් ඊයේ (23) සූම් තාක්ෂණය ඔස්සේ පවත්වා තිබුණි.

එහිදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පාප්වහන්සේට යැවූ ලිපියකට එවන ලද පිළිතුරු ලිපියක් කාදිනල් හිමියන් විසින් මාධ්‍යයට ඉදිරිපත් කර තිබේ.