Posted on 01.08.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
කොරෝනා වසංගතයෙන් රෝගීන් දෛනික මට්ටමෙන් ඉහළයාම නිසා යුක්රේනය සති දෙකකට අගුලු දැමීමට එරට ආණ්ඩුව පියවර ගෙන ඇත.
පසුගිය කාලයේ තදින්ම අගුලු දමා තිබුණු යුක්රේනයේ හීත කාල නිවාඩුව අවසන් වෙත්ම නැවත ආසාදන ඉහළ යාම නිසා නැවත ජනවාරි 8 වැනිදා සිට 25 වැනිදා දක්වා අගුලු දමා ඇත.
නව අගුලු දැමීමේ නීති අනුව, පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන, ආපන ශාලා, හෝටල ආදිය, සුපිරි වෙළඳසල්, සිනමා, නාට්‍ය, ක්‍රීඩා, විනෝද කටයුතු, ආහාර නොවන ද්‍රව්‍ය වෙළඳසල් වසා දැමීමට නියෝගකර ඇත.
මේ වනවිට යුක්රේන සංචාරකයන් සිය ගණනක් ලංකාවේ සංචාරයට ගෙන්වාගෙන ඇති අතර යුක්රේන සංචාරකයන් ආසාදිතයන් ලෙසද හඳුනාගෙන ඇත.