Posted on 10.18.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කෙරවලපිටිය යුගදනවි බලාගාරය සතු කොටස් 40% ක් ඇමරිකානු සමාගමකට පැවරීමට කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. ඇල්ලේ ගුණවංශ හිමි සහ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව 54 ක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ. ගිවිසුමේ පාර්ශ්වකරුවෙකු වන ඇමරිකාවේ නිව් ෆෝට්රස් සමාගමද වගඋත්තරකරුවෙකු ලෙස නම්කර ඇත.