தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
යුද්ධයක් ඉදිරියට ගෙනයාමට අපේක්ෂාවක් නෑ - ඉරාන විදේශ ඇමති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුද්ධයක් ඉදිරියට ගෙනයාමට අපේක්ෂාවක් නෑ – ඉරාන විදේශ ඇමති



ඉරාකයේ එක්සත් ජනපද හමුදා කඳවුරුවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව තවදුරටත් යුද්ධය ඉදිරියට ගෙන යාමේ අරමුණක් නැති බව ඉරාන විදේශ ඇමති මොහොමඩ් ජාවඩ් සරිෆ් පවසයි.

ප්‍රහාරයන්ගෙන් පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමතිවරයා මේ බව පවසා ඇත. ඉරාන හමුදා ප්‍රධානි කසිම් සුලයිමානි ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කිරීමට පිළිතුරු ලෙස ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාර කිහිපයක් ඉරාකයේ එක්සත් ජනපද කඳවුරුවලට නිකුත් කරන ලදී. කෙසේවෙතත් රුසියාව පවසා ඇත්තේ ඇවිලී යා හැකි යුද්ධයකදී තමන් ඉරානය සමග සිටින බවයි.