தமிழ்
English
Contact
Monday 6th July 2020    
යුද්ධයට නායකත්වය දුන් පුද්ගලයන් ජාතික ආරක්ෂාව ගැන පහත් කතා කියනවා - මෛත්‍රී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුද්ධයට නායකත්වය දුන් පුද්ගලයන් ජාතික ආරක්ෂාව ගැන පහත් කතා කියනවා – මෛත්‍රී



යුද්ධයට නායකත්වය දුන් ඇතැම් පුද්ගලයින් ජාතික ආරාක්ෂාව සම්බන්ධයෙන් කතා කරන ආකාරය ඉතා කනගාටුදායක බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.

රටේ ජාතික ආරක්ෂාව දුර්වල වී ඇති බවත්, ජාතික ආරක්ෂාව ගොඩ නැගීම සඳහා කිසිවෙකුටත් උනන්දුවක් නොමැති බවත් සඳහන් කරමින් ඉතා පහත් පෙළේ කතා මාධ්‍ය තුළ අසන්නට ලැබෙන බවත් හෙතෙම සඳහන් කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම අදහස් පළ කළේ පසුගියදා (16) නාඋල – කොහොලන්වල විශේෂ බලකා මූලස්ථානයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකාය වෙත ජනාධිපති රණ පරශුව සහ රෙජිමේන්තු රණ පරශුව යන ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසුවේ,

“යුද්ධයේ දී නායකත්වය දුන්, යුද්ධය මෙහෙයවූ ඇතැම් පුද්ගලයින් අද මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කතාකරන ආකාරය ඉතාමත්ම කනගාටුදායකයි. මේ රටේ ජාතික ආරක්ෂාව සහතික වී නැහැ, දුර්වල වෙලා, ජාතික ආරක්ෂාව ගොඩ නගන්නට කිසිවෙකුටවත් උනන්දුවක් නැහැ කියලා ඉතාමත් පහත් පෙළේ කතා අපිට ජන මාධ්‍ය තුළ අසන්නට හා දකින්නට ලැබෙනවා.”

“දේශපාලන න්‍යාය පත්‍ර, පුද්ගලික න්‍යාය පත්‍ර, තමන්ගේ තිබෙන දේශපාලන කුහකකම් යන මේවා ප්‍රදර්ශනය කරන්නන් තමයි ජාතික ආරක්ෂාව ගැන මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ. ඔවුන් එසේ කතාකිරීම තුළ රටේ සාමාන්‍ය ජනතාව බියට හා සැකයට පත්වෙනවා. “