தமிழ்
English
Contact
Monday 24th June 2019    
යුද්ධයෙදි මානව හිමිකම් කඩවී නැති බව මහින්ද කියයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුද්ධයෙදි මානව හිමිකම් කඩවී නැති බව මහින්ද කියයි!



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලංකාවට එරෙහි තවත් යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දක්වන්නට ආණ්ඩුව ඒකගව ඇති බව විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ‌චෝදනා කරයි.

හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ 2015 ඔක්තෝබර් මාසයේ සම්මත කර ගනු ලැබූ අංක 30/1 දරණ යෝජනාව තුළින් වත්මන් ආණ්ඩුව භාරගත් එක් කාර්ය යක් වන්නේ ලංකාවට විරුද්ධව තිබෙන යුද අපරාධ චෝදනා විභාග කිරීමට විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන්ගේ සහභාගීත්වය සහිත‘දෙමුහුන්’ අධිකරණයක් පිහිටුවීම බවද විපක්ෂ නායකවරයා එම නිවේදනයේ සඳහන් කර ඇත. යුද්ධයේදී තමන් ‌සොල්දාදුවන්ට උපදෙස් දුන්නේ මානව හිමිකම් ආරක්ෂා කරගෙන කටයුතු කරන ‌ෙලෙස බව මහින්ද රාජපක්ෂ පවසා තිබිණි.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයා ‌ෙලෙස මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් වී සතියක් ඇතුළත ඒනම් 2009 වසරේ ‌මැයි 23 වැනිදා මෙරටට පැමිණි ඒක්සත් ජාති්ගේ මහලේකම් බැන් කි මූන් සමග ඒ්කාබද්ධ ප්‍රකාශයකට අත්සන් කරමින් ප්‍රකාශ කළ ‌දේ ‌මේ අවස්ථාවේ ඔහුට අමතකව ඇති බවක් ‌පෙනී යයි. මානව හිමිකම් පිළිබද ජාත්‍යන්තර ප්‍රමිතීන් හා ප්‍රඥප්තින් ආරක්ෂා කරන්නට තම ආණ්ඩුව කැපවන බවටත් ජාත්‍යන්තර මානුෂිය නීතිය හා මානව හිමිකම් නීති සම්බන්ධව මහලේකම්වරයා විසින් ‌පෙන්වා ‌දෙන ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන්නට අවශ්‍ය පියවර ගන්නා බවටත් වූ ඒ්කබද්ධ ප්‍රකාශයට මහින්ද රාජපක්ෂ 2009 මැයි 23 අත්සන් කළේය.

ඒසේ වුවද ඒම ඒකගතාව අනුව කටයුතු කරනවා ‌වෙනුවට මහින්ද රාජපක්ෂ සිදුකලේ විමල් වීරවංශ වැනිවුන් හරහා ඒක්සත් ජාතින්ගේ මානව හිමිකම් ක්‍රියාදාමයට අභියෝග කිරීම සහ දුන් ‌පොරොන්දුව අමතක කරමින් අත්තනෝමතික පාලනය ඉදිරියට ‌ගෙන යාමය. යුද්ධය තුළ යුක්තිය හා මානව හිමිකම් උල්ලංඝනය වී ඇත්නම් ඒය රට තුල ප්‍රශ්නයක් බව කියමින් ‌දේශීය යුක්ති යාන්ත්‍රණයක් හදුන්වා ‌දෙන බවට රාජපක්ෂ ආණ්ඩුව ඒ් දිනවල විශාල ප්‍රචාරයක් ‌ගෙන ගිය නමුත් ඇත්ත වශයෙන්ම කිසිවක් සිදුකළේ නැත. ඒ.ජා. ලංකාවට අවශ්‍ය ‌ෙලෙස කටයුතු ‌නොකරන බව ඇත්තකිි. ඒහෙත් බෑන් කි මුන් ‌වෙත ඒකගවී ඒ්වා පැහැර හැරීමෙන් සිදුව ඇති ගැටලුවද සංකීරණ වී ඇත. ඒවැනි පසුබිමක ඔහුද ආණ්ඩුවේ ‌දෝෂ දක්වමින් තමා කළ වරද වසාගන්නට උත්සාහ දරමින් තිබේ.