தமிழ்
English
Contact
Friday 6th December 2019    
යුද්ධයේදී හමුදාව කටයුතු කළේ මානව හිමිකම් නීතිවලට අනුකූලවයි - ශවේන්ද්‍ර සිල්වා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුද්ධයේදී හමුදාව කටයුතු කළේ මානව හිමිකම් නීතිවලට අනුකූලවයි – ශවේන්ද්‍ර සිල්වා



යුද මෙහෙයුම්වලදී ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර මානුෂීය නීති හා අයිතිවාසිකම්වලට අනුකූලව කටයුතු කළ බව යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා පවසා තිබේ.

ලෝකයේ ඕනෑම හමුදාවක් රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ හිතකර වාතාවරණයක් ඇති කිරීමට කැපවී සිටින අතර අභ්‍යන්තර හෝ බාහිර තර්ජනයන්ට එරෙහිව ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම්ව සිටින බවද ඔහු පවසා තිබේ.

එසේම හමුදා ඔත්තු සේවා ගැන අදහස් දක්වමින් හමුදාපතිවරයා පවසා ඇත්තේ ඔත්තු සේවා ප්‍රතිසංවිධානය කිරීමට බලාපොරොත්තුවන බවයි.

යුද්ධය පැවති සමයේ යුද අපරාධ සිදුකළ බවට ලංකාවේ හමුදාවට එල්ල වී ඇති චෝදනා අතර එවකට 58වැනි සේනාංකයේ අණදෙන නිලධාරියාව සිටි ශවේන්ද්‍ර සිල්වාට යුද අපරාධ චෝදනා එල්ල වී තිබේ. මේ නිසා ඔහු හමුදාපතිවරයා ලෙස පත් කිරීමෙන් පසු ජාත්‍යන්තර වශයෙන් ලංකාවේ ආණ්ඩුවට විරෝධතා එල්ල වෙමින් තිබේ.