தமிழ்
English
Contact
Friday 16th April 2021    
යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදයේ මිය ගිය සාමාන්‍ය වැසියන් ගැන වාර්තාවක් එළිදැක්වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදයේ මිය ගිය සාමාන්‍ය වැසියන් ගැන වාර්තාවක් එළිදැක්වෙයි



ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදය තුල මියගිය සංඛ්‍යාව පිළිබඳව රජයේ ගණන් බැලීම් ඇතුළු විවිධ සංඛ්‍යාලේඛන සම්බන්ධ ජාත්‍යන්තර සමාලෝචනයක් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) එලි දක්වා තිබේ.

“ශ්‍රී ලංකාවේ 2009 යුද්ධයෙන් හානිපත් වුවන්ගේ සංඛ්‍යා” යනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම එළිදක්වා ඇති එහි එවක බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක විසින් යවන ලද ටෙලෙක්ස් පණිවිඩයක් උපුටා දක්වමින් සඳහන් කර ඇති පරිදි ඒ වර්ෂයේ ජනවාරි සහ අප්‍රේල් අතර මියගිය ගණන හත්දහස ඉක්මවයි.

ITJP සමාලෝචනයේ දැක්වෙන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු දේශීය හා ජාත්‍යන්තර සංවිධානවල තොරතුරු අනුව යුද්ධයේ අවසානය වනවිට මරුමුවට පත් වී ඇති සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 40,000ත් ලක්ෂයත් අතර වෙයි.