தமிழ்
English
Contact
Saturday 23rd March 2019    
යුද සමයේ චෝදනා ලද මාලි රාජ්‍යයේ අණදෙන නිලධාරියා ගැන ජනාධිපතිගේ අවධානය! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුද සමයේ චෝදනා ලද මාලි රාජ්‍යයේ අණදෙන නිලධාරියා ගැන ජනාධිපතිගේ අවධානය!



මාලි රාජයේ සේවය කරන එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් ලාංකික යුද හමුදා භට කණ්ඩායමේ  අණ දෙන නිලධාරී කලන අමුණුපුර යුද අපරාධ ඉතිහාසයක් ඇති බවට චෝදනා කර තිබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අප්‍රසාදය පළ කර ඇත.

මෙරට යුද්ධය පැවති සමයේ මෙන්ම මාලි රාජ්‍යයේ ද විශාල සේවාවක් ඉටු කළ කළණ අමුණුපුර එම කාර්යයෙන් ඉවත්කරන ලෙසත් වෙනත් නිලධාරියකු එවන ලෙසත් ඉල්මලීම අනුමත කළ නොහැකි බව ද ජනාධිපතිවරයා පවසා ඇත. එක්සත් ජාතින්ගේ සාම ක්‍රියාවලියේදී චෝදනා ලද නිලධාරියකු යෙදවිය නොහැකි බව පවසමින් මෙම ඉල්ලීම රජයෙන් සිදුකර ඇත්තේ පසුගිය සතියේදීය. මානව හිමිකම් කඩකිරීමේ ඉතිහාසයක් අමුණුපුරට අැතැයි චෝදනා එල්ල කර ඇත්තේ දරුස්මාන් කමිටුවේ සාමාජිකයෙක් වන දකුණු අප‍්‍රිකාවේ ජෙස්මින් සුකා සාමාජිකත්වය දරණ රාජ්‍ය නොවන සංවිධානයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

යුද්ධය අවසන්ව වසර 10ට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් යුද සමයේදී පීඩාවට පත්වූවන්ට අදාළ පියවර පැත්තෙන් මෙන්ම යුද සමයේ සිදුවූ බවට නැගෙන අපරාධ චෝදනා සම්බන්ධව වගකිව යුතු විමර්ශනයක් කරන්නට ආණ්ඩු දෙකක් අසමත් විය. මහින්ද රාජපක්ෂ පාලනය මෙන්ම එම පාලනය සමයේ පැවති කෘරත්වය විවේචනය කරමින් ඒ වැරදි නිවැරදි කරන බව කී වත්මන් ජනාධිපති ඇතුලු ආණ්ඩුව වසර 4කට ආසන්න කාලයක් කිසිවක් වගකීමෙන් ඉටුකර නැති බව මෙයින් පැහැදිලි වේ. ආරක්ෂක හමුදාවේ නිලධාරියකුට චෝදනා එල්ල වනවිට හෝ වගකීමකින් ක්‍රියාකිරීමට පාලකයන්ට අවශ්‍ය නොමැති නම් ඉන් කියැවෙන්නේ එකී නිලධාරින්ගේ ජීවිතය සම්බන්ධව මෙන්ම ඔවුන් කරන කටයුතු පිළිබද වගකීමක් පාලකයන් භාර නොගන්නා බවය. වරදකරුවකු නම් එය විමර්ශනයකින් හෙළි වියයුතුය. චෝදනා ලැබු තැනැත්තා නිවැරදිකරුවකු බව සනාථ කිරීමට ද විමර්ශනයක් විධිමත්ව සිදුකිරීම අත්‍යවශ්‍ය වේ. යම් චෝදනාවක් එල්ල වූ විට ඒ සම්බන්ධව වගකීමෙන් මැදිහත්ව විමර්ශනයක් කර චෝදනා සනාථ කිරීම හෝ නිශ්ප්‍රභා කිරීමට හැකි පෞරුෂයක් හෝ අවංකභාවයක් නැති නායකත්වයකින් රටකටද කිසිදු ඉදිරි ගමනක්ද නැත.