Posted on 02.04.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රාජ්‍ය නිදහස් දින උත්සවය නිමිත්තෙන් ජනාධිපතිවරයා විසින් යුද හමුදාවේ 8514 දෙනෙකු ට උසස්වීම් ලබා දී ඇති බව හමුදාව පවසයි.
යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ සහ ආරක්ෂ ක අමාත්‍යාංශයේ නිර්දේශය මත මෙම උසස්වීම් ලබා දී ඇති බවද හමුදාව පවසයි.
යුද හමුදාවේ නිලධාරීන් 480 දෙනෙකුට හා සෙසු නිළයින් 8034 දෙනෙකුට , උසස්වීම් ලබා දී ඇති බවද හමුදාව පවසයි.
මේ අනුව ජ්‍යෙ,ෂ්ඨ බ්රි ගේඩියර්වරුන් 07 දෙනෙකු මේජර් ජෙනරල් නිලයටත්, කර්නල්වරුන් 16 දෙනෙකු බ්රිපගේඩියර් නිලයටත්, ලුතිතන් කර්නල්වරුන් 36 ක් කර්නල් නිලයටත්, මේජර්වරුන් 50 දෙනෙක් ලුතිතන් කර්නල් නිලයටත්, කපිතන්වරුන් 207 දෙනෙක් මේජර් නිලයටත්, ලුතිතන්වරුන් 94 දෙනෙක් කපිතන් නිලයත්, සහ දෙවන ලුතිතන්වරුන් 70 දෙනෙක් ලුතිනන් නිලයටත්, යනාදී වශයෙන් යුද හමුදාවේ නිලධාරින් 480 දෙනාට උසස්වීම් ලබා දී ඇති බවද වාර්තා වේ.