Posted on 12.06.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කාන්තා වෘත්තීකයන් පිරිසක් සහ යුද හමුදාවේ සෙබලියන්ද රැස් කරමින් ශ්‍රි ලංකා යුද හමුදා කාන්තා බලකාය සංවිධානය කළ කාන්තා සමුලුවක් දෙසැම්බර් 4 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තික මට්ටමේ කාන්තාවන් 400ක් පමණද ඉහළ පෙළේ ත්‍රිවිධ හමුදා නිලධාරිනියක්ද සහභාගි වූ මෙම සමුලුව කැදවා තිබුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ‘කාන්තා සංවර්ධනය හා තිරසර සාමය’ යන තේමාව යටතේ පැවති මේ අසමුලුවේදී ප්‍රධාන දේශනය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන විසින් පවත්වන ලදී. යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක ඇතුළු යුද හමුදා නිළධාරීන්ද, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කාන්තා නිලධාරීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
යුද හමුදාවේ කාන්තාවන් මෙන්ම සාමාන්‍ය සමාජයේ කාන්තාවන්ද ආණ්ඩුව ප්රචාරක වාසියට යොදවා ගන්නා බව මෙවැනි ක්‍රියාකාරකම්වලින් නිරූපණය කරයි. විවිධ සම්මන්ත්රණ හා සාකච්ඡා සියල්ල තිබියදී කාන්තාවන්ට හිමි ගැටලු කිසිවක් විසදන්නට පියවර ගෙන නැත. සාමය හා සහජීවනය වැනි වචන යොදාගෙන කාන්තාවන් දේශපාලන අරමුණු සදහා යොදවා ගන්නවා මිස ඔවුන්ට හිමි ප්‍රජාතාන්ත්‍රික ඉඩකඩ පවා උල්ලංඝනය කෙරෙන බවට නිදසුන් ආසන්න දේශපාලන අවස්ථාවලදී නිරූපිතය. කාන්තා නියෝජනය 25% කරන්නට නීති සකස් කරන බවට පුරසාරම් කියමින් පසුගිය පෙබරවාරි පලාත් පාලන මැතිවරණයේදී සිදුකළ වංචනික ක්‍රියාදාමය නිසා තවදුරටත් කාන්තාව දේශපාලනයට ගෙන ඒම පාලකයන්ගේ වාසියට ප්‍රකාශ නිකුත් කිරිමක් පමණක් බව පැහැදිලි වේ.