தமிழ்
English
Contact
Friday 6th December 2019    
යුද හමුදා සංවත්සරය නිමිත්තෙන් 7210 කට උසස්වීම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුද හමුදා සංවත්සරය නිමිත්තෙන් 7210 කට උසස්වීම්



යුද හමුදාවේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් හමුදාවේ නිලධාරීන් හා සෙසු නිළයන් 7210 කට උසස්වීම් ලබා දී ඇති බව වාර්තා වේ.

නිලධාරීන් 210 දෙනකු හා සෙසු නිළයන් 7000 ක් පිරිසක් මෙලෙස උසස්වීම් ලබා තිබේ.

නිලධාරීන් 210 දෙනා අතර දෙවන ලුතිනන් සිටි ලුතිනන් නිළය දක්වා තිදෙනෙක් ද, ලුතිනන් සිට කපිතාන් නිළය දක්වා 17 ක් ද, කපිතාන් නිළයේ සිට මේජර් දක්වා 150 ක් ද, මේජර් නිළයේ සිට ලුතිනන් කර්නල් දක්වා 40 ක් ද උසස්වීම් ලබා ඇති බව හමුදාව සඳහන් කරයි.

යුද හමුදාව ඉතිහාසයේ සංවත්සරයට සමගාමීව විශාල පිරිසකට උසස්වීම් ලබාදුන් ප‍්‍රථම අවස්ථාව මෙය බවද පැවසේ.