Posted on 05.26.2022 by Chandana Sirimalwatte in ක්රීඩා පුවත් with 0 Comments
ධාවන ශුර යුපුන් අබේකෝන් විසින් මීටර 100 පිරිමි ධාවන ඉසව්ව වෙනුවෙන් නව ශ්රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටු විය.
ජර්මනියේ පැවැති මලල ක්රීඩා තරගයකදී තත්පර 10යි දශම 0යි 6ක කාලයක් සටහන් කළ යුපුන් අබේකෝන්, මෙසේ නව ලංකා වාර්තාවක් පිහිටුවමින් මෙම ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව ද බිඳ දැමීමට සමත් විය.
මේ වනවිට මීටර 60, මීටර 100, මීටර 200 යන ධාවන ඉසව් සියල්ලේම දකුණු ආසියානු වාර්තාවන්ට මෙන්ම මීටර 150 ධාවන ඉසව්වේ ආසියානු වාර්තාවට ද හිමිකම් කියන්නේ යුපුන් අබේකෝන් ය.
මෙම ධාවන ශූරයා විසින් ජර්මනියේදී බිඳ දැමුවේ තත්පර 10යි දශම 1යි 5ක කාලයක් සටහන් කරමින් තමන් විසින්ම පිහිටුවා තිබූ වාර්තාවක් වීම විශේෂත්වයක් විය.