தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
යුරෝපයෙන් සිව්වන වසංගත රැල්ලක් - WHO අනතුරු අඟවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුරෝපයෙන් සිව්වන වසංගත රැල්ලක් – WHO අනතුරු අඟවයි



යුරෝපයේ රටවල මේ වනවිට පැන නැගී ඇති Covid-19 රෝගීන්ගේ වැඩිවීම පාලනය නොකළහොත් 2022 පෙබරවාරි වන විට 500,000 දක්වා මරණ වැඩි විය හැකි සිව්වන වසංගත රැල්ලක් දක්වා මහාද්වීපය ගෙන යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා අධ්‍යක්ෂ හාන්ස් ක්ලූග් ඔන්ලයින් මාධ්‍ය හමුවකදී, මෙම තත්වය සම්බන්ධ ගැන අනතුරු ඇඟවීමක් කර ඇත්තේ යුරෝපයේ ඇතැම් රටවල එන්නත් කිරීම් ප්‍රමාද කිරීමේ තත්වයන් ගැන කනගාටුව පළ කරමිනි.

යුරෝපයේ විශාල කොටසක් ආසාදන වාර්කාවීම් තත්වයෙන් උච්චතම අවස්ථාවන්ට පත්ව සිටින බවද වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයාට අනුව, වසංගතය ආරම්භ වූ දා සිට ජර්මනිය දිනක් තුළ වැඩිම නව රෝගීන් සංඛ්‍යාවක් නොවැම්බර් 4 දිනයේ වාර්තා කළ බව ඔහු සඳහන් කළේය.

කොරොනා සම්ප්‍රේෂණ වේගය නැවත වරක් ඉහළ නැග ඇති බවද ලෝකයේ වසංගත තත්වයෙන් කේන්ද්‍රය බවට යුරෝපය නැවත පත්ව තිබෙන බවද යැයි ක්ලූග් පැවසීය. මෙවැනි පසුබිමක යුරෝපය නැවත විශාල මරණ අවදානමකට මුහුණ පෑ හැකි බව පවසන ඔහු ඊට හේතු ලෙස ඔහු පැහැදිලි කරන්නේ මෑත මාසවලදී මහාද්වීපය පුරා එන්නත් කිරීමේ අනුපාතය අඩු වීමය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, යුරෝපීය සහ අනෙකුත් මධ්‍යම ආසියාතික රටවල් ඇතුළත් කලාපයේ රටවල වැසියන් කොරෝනා එන්නත් කිරීමේ සාමාන්‍ය අගය 47% ක් පමණක් වී තිබේ. ස්පාඤ්ඤයේ, 80% ක් මාත්‍රා දෙකකින් සම්පූර්ණයෙන්ම ප්‍රතිශක්තිකරණය කර ඇති අතර, ප්‍රංශයේ සහ ජර්මනියේ එන්නත පිළිවෙලින් ජනගහනයෙන් 68% සහ 66% වෙත ළඟා වී ඇත.