தமிழ்
English
Contact
Friday 15th November 2019    
යුරෝපා සංගමයෙන් ලංකාවට යුරෝ මිලියන 40ක ආධාරයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුරෝපා සංගමයෙන් ලංකාවට යුරෝ මිලියන 40ක ආධාරයක්



යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 40ක් ලබා දී තිබේ.

යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන ‘පරිවර්තන, සංහිඳියා සහ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය ශක්තිමත් කිරීම (ස්ට්‍රයිඩ්)’ ව්‍යාපෘතිය සඳහා මෙම මුදල් ලබාදී ඇත. මෙම ව්‍යාපෘතිය ලෝක බැංකුවේ ද සහභාගීත්වය ඇති ව සිදු කෙරෙන්නකි.

යුරෝපා සංගමයේ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා දූත පිරිසේ ප්‍රධානී තානාපති තුන් ලායි මාර්ග් සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මෙම ව්‍යාපෘතියට අදාළ මූල්‍ය ගිවිසුමට අත්සන් තබා තිබේ.

මෙම ව්‍යාපෘතිය පළාත් පාලන ආයතන සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන අතර උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරේ. මේ අනුව පළාත් පාලන ආයතන සඳහා යුරෝපා සංගමය සහ ලෝක බැංකුව එක්ව කුඩා මූල්‍ය ප්‍රදාන හඳුන්වා දෙන අතර ඊට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ද හිමිවේ.