தமிழ்
English
Contact
Tuesday 27th October 2020    
යුරෝපීය කාන්තා පාපන්දු ශූරතා තරගාවලිය කල්දැමේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුරෝපීය කාන්තා පාපන්දු ශූරතා තරගාවලිය කල්දැමේ!



කොරෝනා වසංගතය හේතුවෙන් එංගලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 යුරෝපීය කාන්තා පාපන්දු ශූරතා තරගාවලිය කල්දැමීමට තීරණය කර තිබේ.

කාන්තා යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය 2021 වසරේ ජුලි මස 11 වැනිදා සිට අගෝස්තු මස පළමු වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි. එහෙත් මේ වනවිට ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් කාන්තා යුරෝපීය පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග නොපැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ඒ අනුව ඩෙන්මාර්කයේ පාපන්දු සංගමය රටවල් කිහිපයක් සමඟින් සිදු කළ විඩියෝ සාකච්ඡා මගින් තීරණය කර තිබෙන්නේ මෙවර කාන්තා යුරෝපීය පාපන්දු ශූරතාවලිය වසරකින් කල් දැමීමටයි. කෙසේ වෙතත් එංගලන්ත පාපන්දු සංගමය මෙම තරගාවලිය කල් දැමීම නිල වශයෙන් තහවුරු කර නැත.