Posted on 01.12.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ පෙත්සම් නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායකට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමකර ඇත.
අද (12) ශ්‍රේෂ්ඨාධිකරයේ සිසිරද ආබෘ, විජිත් මලල්ගොඩ, ප්‍රීතිපද්මන් සූරසේන යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම දඩුවම් නියම කෙරිණි.
පසුගිය දිනක පාර්ලිමේන්කුවේදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කර තිබුණේ තමන් සිරදඬුවමකට මුහුණදීමට සූදානම්ව සිටින බවය. ඒ අවස්ථාවේ බන්ධනාගාර ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණේ බන්ධනාගාර ගතවීමෙන් පසුව රංජන් රාමනායක හොඳින් බලා ගන්නා බවය.