Posted on 12.20.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කලින් පැවැති රජයේ දේශපාලන හිතවත්කම් මත පත්කරන ලද සියලුම විදේශ සේවා ප්රධානීන්ට නැවත සියරට පැමිණෙන ලෙස රජය මේ වන විටත් දැනුම් දී තිබේ.
ඔවුන් සියලු දෙනාම මේ මස (දෙසැම්බර්) 31 වැනිදාට පෙර නැවත ශ්රී ලංකාවට පැමිණිය යුතු නමුත් ඇතැම් නිලධාරීන් මාස කිහිපයක් කල් ඉල්ලා තිබේ. නමුත් වත්මන් රජය එම ඉල්ලීම ප්රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ඔවුන් නැවත පැමිණීමෙන් පසුව විදේශ සේවය සඳහා නව කණ්ඩායමක් පිටත්කර හැරීමට රජය සූදානමින් සිටියි.
විදේශ සේවා ප්රධානීන් 20 දෙනකුට වැඩි පිරිසකට නැවත සියරට පැමිණෙන ලෙස රජය මේ වන විටත් දැනුම් දී තිබේ.