தமிழ்
English
Contact
Friday 27th May 2022    
රජය සතු ගල්ඔය වැවිලි සම‍ාගමේ පරිපාලන තීරණ ගන්නේ පෞද්ගලික සමාගම් 2ක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රජය සතු ගල්ඔය වැවිලි සම‍ාගමේ පරිපාලන තීරණ ගන්නේ පෞද්ගලික සමාගම් 2ක්



කොටස් අයිතිය සියයට 51ක් රජය සතු සීමාසහිත ගල්ඔය වැවිලි සමාගමේ පරිපාලන තීරණ සියයට 49ක් කොටස් හිමි පෞද්ගලික සමාගම් දෙකක් ගනිමින් සිටින බව වාර්තා වේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට බඳුන් විය.

මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය 9 දෙනකුගෙන් සමන්විත වන හෙයින් 5 දෙනකු රාජ්‍ය අංශය නියෝජනය කරන අතර 4දෙනකු පෞද්ගලික අංශය නියෝජනය කරන බවත් ඉන් එක් නිලධාරියකු මේ වන විට ඉල්ලා අස්වී ඇති බවත් කෝප් කමිටුවේ සභාපතිවරයා පවසා ඇත.

නමුත් මෙම සමාගම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී වෙනමම පරිපාලන කළමනාකරණ සමාගමක් LOLC සමාගම යටතේ පිහිටා ඇති බව ඔහු වැඩ්දුරටත් පවසයි.

අදාළ ගිවිසුමෙන්ම පරිපාලන තීරණ ගැනීම සම්බන්ධයෙන් වැඩි බලතල පෞද්ගලික අංශයේ සමාගම් දෙක සතු වන බව මෙහිදී පැමිණ සිටි නිලධාරීහු පවසා ඇත.

එසේම 2010 වර්ෂයේදී අත්සන් කරන ලද ගිවිසුම අවසන් වීමට පෙර තවත් වසර දහයකට එනම් 2030 වර්ෂය වනතුරු නැවත ගිවිසුම්ගත වීම පිළිබඳ ද මෙහිදී කෝප් කමිටුවේ අවධානය යොමු විය.

මෙම තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාවක් විගණන දෙපාර්තමේන්තුව විසින් පෙරේදා දින ඉදිරිපත් කළ අතර එම වාර්තාව ද විමසා මේ සාකච්ඡාව සිදුකළ යුතු බව කෝප් සභාපතිවරයා පැවසීය.

ඒ අනුව සීමාසහිත ගල්ඔය වැවිලි (පෞද්ගලික) සමාගම සම්බන්ධයෙන් වන මෙම විමර්ශනය දෙසැම්බර් මස 6 වන දින දක්වා කල් තබා තිබේ.