Posted on 01.04.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටළු සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා තිබේ.
මීට අමතරව ලංකාවට ආධාර ලබාදෙන ඉන්දියාව, චීනය, ඇමරිකාව සහ ජපානය වැනි රටවල් සමඟත් ලෝක බැංකුව, යුරෝපා සංගමය වැනි ආයතන සමඟත් සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු කීය.
ඒ, ඒ රටවල් සමඟ සහ මුල්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීමේ වගකීම කැබිනට් ඇමතිවරුන් පිරිසකට පැවරූ බවද ඔහු කීය.
එක් රටක් හෝ එක් ආයතනයක් සමඟ සාකච්ඡා කර සහන ලබාගැනීමේ වගකීම එක් ඇමතිරයකුට පැවරීමටත් සියළු වගකීම ඇමතිරුන් පිරිසකට ලබාදීමටත් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තින්දු කළ බවද බැසිල් රාජපක්ෂ මෙහිදී පවසා ඇත.