தமிழ்
English
Contact
Sunday 17th January 2021    
රජීව ජයවීර මියයද්දි ආරක්ෂක කැමරා අක්‍රිය වෙලා - තාජුඩීන් පන්නයේ මරණයක්දැයි සැකයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රජීව ජයවීර මියයද්දි ආරක්ෂක කැමරා අක්‍රිය වෙලා – තාජුඩීන් පන්නයේ මරණයක්දැයි සැකයක්!



හිටපු සමාගම් විධායකයකු සහ ලේඛකයකුවන රජීව ජයවීරගේ මරණය අවස්ථාවේ අවට ආරක්ෂක කැමරා පද්ධති අක්‍රියව තිබීම හේතුවෙන් එය තවත් සාපරාධි මනුෂ්‍ය ඝාතනයක්දැයි සැක මතුව තිබේ.

කලක් ‘ශ්‍රීලන්කන්’ සමාගමේ විධායක නිලයක කටයුතු කළ ඔහු පසුකාලයක ඒම ගුවන් සමාගමේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කිරීම නිසා අවධානයට ලක්වීය. ඔහු කුඩා ගිනි අවියකින් මුඛය තුළට වෙඩිතබාගෙන මරණයට පත්ව ඇති බව මළසිරුර අනුව නිගමනය කරන ලද නමුත් ඇඳරි නීතිය සහිත රාත්‍රියේ නිදහස් චතුරශ්‍රය වෙත පැමිණියේ කෙසේද යන්නත් කොළඹ අවට ආරක්ෂක අංශ නොදැන පැමීණයේ කෙසේද යනනත් සැක උපදවන කරුණුය. මහජන මුදල් බිලියන ගණන් කාබාසිනියා කරමින් පාලක පැලැන්තියේ අන්තේවාසිකයන් කෝටිපතියන් බවට පත්කළ මිහින් ලංකා සමාගම රාජපක්ෂ ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධ නිදසුන් සහිත අත්දැකීමකි. පසුගිය කාලයේ මෙම සමාගම මෙන්ම ශ්‍රිලන්කන් සමාගම හරහා මහජන අරමුදල් කාබාසිනියා කිරීම සම්බන්ධ රාජපක්ෂ ආණ්ඩුවේ බලධාරින්ට චෝදනා ඒල්ල විය. විශේෂයෙන් ශ්‍රිලන්කන් සමාගමේ ඒයිබස් නුදෙනුව හරහා රුපියල් බිලියන ගණනක් මහජන මුදල් විනාශකළ ගනුදෙනු ඔහු විසින් අනාවරණය කරන ලදී.

කෙසේවෙතත් මිහින් ලංකා සමාගම සම්බන්ධව කළ අනාවරණයන් නිසා රජීව වෙත කිසිවකුගේ කෝපය එල්ල වීදැයි අනාවරණය වී නැත. එහෙත් ඔහු සියදිවි නසාගන්නට තරම් තත්වයක පසු වූයේයැයි සමීපතමයන් දැනගන්නේ අවසන්වරට ඔහු ලියුවා යැයි ප්‍රසිද්ධියට පත් ලිපියෙනි. මෙම ලිපිය හෝ ඔහුගේ මරණය සම්බන්ධ පොලිසියේ නිගමනය සැක කටයුතු වන්නේ වසීම් තජුඩින් ඝාතනය සම්බන්ධව මෙන්ම එවැනි ඝාතන සම්බන්ධව මින් පෙර ප්‍රසිද්ධියට පත් කළ ප්‍රකාශ හා සත්‍ය අතර ඇති පරතරය විශාල නිසාය.

සාමාන්‍යයෙන් මෙරට ඕනෑම අපරාධයක සැකකරුවන් දිනයකින් දෙකකින් අල්ලා ගන්නා පොලිසියට ඒසේ සැකකරුවන් අත්අඩංගුවට පත්කර ගැනීමට නොහැකි අවස්ථා වේ නම් ඒ්වා දේශපාලන හස්තයන් විසින් මෙහෙයවන අපරාධ බවට මතයක් ජනතාව අතර පවතී. වසීම් තජුඩින් ඝාතනය ඇතුළු
එවැනි අපරාධමය නිදසුන් රාශියකි. තජුඩින් සිය මෝටර් රථය අනතුරට ලක්වීමෙන් මරණයට පත් වූ බවට පොලිසියේ ප්‍රධානින් මෙන්ම ජ්‍යෝෂ්ඨ අධිකරණ වෛද්‍යවරයකු වූ ආනන්ද සමරසේකර පවා වාර්තා ලබා දී තිබිණි. අපරාධ වසන් කිරීමට සම්බන්ධවන එවැනි පුද්ගලයන් අපරාධයේ හවුල්කරුවන් ලෙස අධිකරණය හමුවට පමුණුවන ලදී

රජීවගේ මරණය එවැනි ඝාතනයක් නම් පොලිසියට කිසිදා එහි සැකකරුවන් ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇත. පුවත්පත් කිහිපයකට හා වෙබ් අඩවි කිහිපයකට ඔහු ලියු ලිපිවලින් මහින්ද රාජපක්ෂ පාලනයට චෝදනා කළ හැකි අනාවරණයන් සිදුකර තිබීම මෙහිදී වැඩි වශයෙන් අවධානයට ලක්වන කාරණයයි.