Posted on 11.16.2020 by Sithara Sajeewani in විදෙස් පුවත් with 0 Comments
කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය The Regional Comprehensive Economic Partnership (RCEP) නමින් රටවල් 15න් සමන්විත ලොව විශාලතම වෙළඳ සහයෝගිතා සඳහා රටවල් අත්සන් තැබීම පසුගිය දා සිදුවී තිබේ.
අග්නිදිග ආසියාවේ රටවල් 10ක් ද දකුණු කොරියාව, චීනය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු රටවල් මේ සඳහා එක්ව තිබුණි. මේ අතර මෙම ගිවිසුමේ ආර්ථික ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකක් ආවරණය වන බවට ඇස්තමේන්තු කර ඇත.
මේ අතර කලාපයේ චීනයේ ආර්ථික සහ වාණිජමය සංවර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් මෙම ගිවිසුම සකස් කොට ඇති බව ද වාර්තා වේ.
ආසියා පැසිපික් ආර්ථික ඒකාග්‍රතා ගිවිසුමෙන් පසුගිය 2017 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදය ඉවත් වූ අතර මේ වන විට සිදුව ඇති ලොව විශාලතම වාණිජ ගිවිසුමේ දි ලොව විශාලතම ආර්ථිකය සවියක් සතු ඇමරිකා එක්සත් ජනපදය සහභාගි නොවිම ද විශේෂත්වයකි.
වියට්නාමයේ හනොයි නගරයේ පැවති 37වන ආසියානු සම්මේලනයේ එක් අංගයක් ලෙස මෙම වාණිජි ගිවිසුමට අත්සන් තැබීම සිදුකරන ලදී.