தமிழ்
English
Contact
Friday 18th September 2020    
'රටවිරු' ලේබල් පමණයි, VIP නොවන නිසා මැදපෙරදිග 54,000ක් මරු කටේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘රටවිරු’ ලේබල් පමණයි, VIP නොවන නිසා මැදපෙරදිග 54,000ක් මරු කටේ!



කොරෝනා වෛරස වසංගතය හමුවේ ලංකාවට පැමිණෙන්නට බලා සිටින 54,000ක් ලාංකිකයන් මැදපෙරදිග රටවල ජීවිත අවදානමකට ඇද දමා ඇත.

කොරෝනා වසංගතය ආරම්භ වත්ම මැදපෙරදිග රටවල සේවය කළ ලාංකිකයන් ඒම රටවල සෞඛ්‍ය අවදානමකට ඇද වැටුණු නමුත් මෙරටට ගෙන්වා ගන්නා ලෙස තානාපති කාර්යාලවල ලියාපදිංචි වූ 54,000ක් ඇතුළු විදේශගත ලාංකිකයෝ ජීවිත අවදානමකට ඇද දමා ඇත. මේවනවිට මැදපෙරදිග ඇතුළු විදේශ ශ්‍රමිකයන් 40ක් පමණ කොරෝනා වසංගතය තුළ මරණයට පත්ව ඇත.

මාර්තු මස වසංගතය ව්‍යාප්තවන අවස්ථාවේ සිට ප්‍රමුඛතාව දී විශේෂ ගුවන් යානා යොදවා සිදුකළ මෙහෙයුම් ගැන ආණ්ඩුව ගෙන ගිය පුරසාරම්වල සැවුණු කතාව වූයේ ඒම ගුවන් යානා ගිය ස්ථානවල ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ ඥාතින් අවදානමට ලක්ව සිටි බවය. VIP ගනයේ ගුවන් මගීන් ගෙන්වා ගැනීම ආණ්ඩුව විසින් සිදුකළ නමුත් ‘රටවිරු’ ලේබලය යටතේ මෙරටදී මුරුංගා අත්තේ තබන මැදපෙරදිග ශ්‍රමිකයන් අසරණකර ඇත. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා වරක් මාධ්‍ය මගින් ප්‍රකාශ කළේ ‘කොරෝනා’ වැළඳුණු ලාංකිකයන් ‘මිනිස් බෝම්බ’ ලෙස මෙරටට එවන්නේ මැදපෙරදිග රාජ්‍යයන් බවය.

මාර්තු මාසයේ සිට තමන් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ආණ්ඩුවේ බලධාරින්ට ලිඛිතව කළ ඉල්ලීම් නිශ්ඵල වී ඇති බව ඔවුහු පවසති. මේ අතර ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර අද පුවත්පතකට පවසා ඇත්තේ මේ වනවිටත් නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ නොමැතිකම නිසා මැදපෙරදිග සේවයකර ජීවිත අවදානමට මුහුණ දී සිටින කිසිවකු ගෙන්වා ගත්තද නිරෝධායන පහසුකම් ලබාදිය නොහැකි බවය. ලංකාවේ ආණ්ඩුව නිරෝධායන මධ්‍යස්ථාන සම්බන්ධව පුරසාරම් කීවද 6,000කට නවාතැන් දිය හැකි නිරෝධායන මධ්‍යස්ථානවල දැනටමත් 7,000ක් රඳවා සිටින බව අනාවරණය වේ. මේ නිසා මැදපෙරදිග කොරෝනා අවදානමට මුහුණ දී සිටින ලාංකික ශ්‍රමිකයන් ප්‍රශ්න කරන්නේ වාර්ෂිකව තමන් උඵයා දෙන ඩොලර්වලින් ආර්ථිකය පවත්වාගෙන යන පාලකයන් නිරෝධායන මධ්‍යස්ථාන බිහිකරන්නට පියවර නොගෙන දැන් කල් මරන්නේ දහස් ගණනක් කොරෝනා වසංගතයේ ‌ගොදුරු බවට පත්වන තුරුද යන්න ඔවුහු ප්‍රශ්න කරති.