தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
රට ණය උගුලේ දමා ආණ්ඩුව තවත් ණය ගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රට ණය උගුලේ දමා ආණ්ඩුව තවත් ණය ගනී!



ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා ලබා ගන්නා ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට එම අරමුදලවෙිධායක මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඊයේ(13) ලබාදුන් අනුමැතිය අනුව අවසන් වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 164.1 මුදලක් ලංකාවට ලබා දීමට නියමිතය. යහපාලන ආණ්ඩුව යටතේ 2016 ජුනි මස 03 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 3 අවුරුදු කාල සීමාවකදී අමෙරිකානු ඩොලර් බිලියන1.5 මුදලක් ලබා දීමට එකඟතාව පල කරනු ලැබීය.

මෙම ණය ව්‍යාපෘතියේ අවසන් වාරිකය නිදහස් කරන්නට නියමිත වූයේ පසුගිය වසරේ නොවැම්බර් වුවද ලංකාවේ දේශපාලන අර්බුදය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටවනු ලැබිණි. නැවත ජනවාරි මාසයේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග කළ සාකච්ඡාවලින් පසුව අදාළ ණය වාරිකය ලබාදීමට සහ ණය කාලසීමාව වසරකින් දීර්ඝ කිරීමට එකඟතාව පළ කෙරුණි.

ණය ගිවිසුම අනුව, ‘ශ්‍රීලංකන්‘ සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සහ බලශක්ති මිලසූත්‍රය ක්‍රියාවට නැංවීම ඇතුළු කරුණු පිළිබදව අවධානය යොමුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරනය කරයි.