தமிழ்
English
Contact
Friday 24th May 2019    
රට බේරාගන්න අයවැය පරදවා අලුත් ආණ්ඩුවක් පත්කරන්න ඕන - සමන්ත විද්‍යාරත්න | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රට බේරාගන්න අයවැය පරදවා අලුත් ආණ්ඩුවක් පත්කරන්න ඕන – සමන්ත විද්‍යාරත්න



රට බේරාගැනිම සඳහා අයවැය පරදවා නව ආණ්ඩුවක් බිහිකිරිමට රටට ආදරය කරන දේශපාලනඥයින් කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණු ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න පවසයි.

අයවැය පරාජයට පත්කළහොත් රටේ ජනතාවට රට කරවන්න සුදුසු පාලනයක්, පාර්ලිමේන්තුවක් හදාගන්න වරමක් හිමිවන බවත් එම නිසා පාර්ලිමේන්තුවේ අනිත් මන්ත්‍රීවරුන්ගෙන් තම යුතුකම ඉටුකරන ලෙස ඉල්ලා සිටින බව ඔහු පවසා තිබේ.

බදුල්ල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමන්ත විද්‍යාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

මේ ආණ්ඩුව ගෙදර යැවීම හරහා වැඩි වාසිය හිමිවන්නේ මහින්ද රාජපක්ෂ පාර්ශවයකටයි. එය නොසළකා හරිමින් ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම ආණ්ඩු මාරුවකට එනම් මුහුණු මාරුවකට අනුබල දෙමින් සිටියි. මේ මුහුණ වෙනුවට වෙන මුහුණක් ආදේශ වූ පමණින් ප්‍රශ්නය නොවිසිඳෙන බව ඔවුන්ට අමතකව ගොස් තිබේ. 2015 වසරේ පැවති මහ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු සමන්ත විද්‍යාරත්නට එකදු ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි විය. එම නිසා ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ජනතාව සංවිධානය කිරීම පසෙක තබා නැවත ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ තවත් මන්ත්‍රීධූර ප්‍රමාණයක් වැඩිකර ගැනීමයි.