தமிழ்
English
Contact
Friday 14th May 2021    
රට වහන්නෙ නැහැ, ජනතාව ස්වයංවාරණයෙන් කටයුතු කළ යුතුයි - කොවිඩ් කාර්ය සාධක බළකාය තීරණය කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රට වහන්නෙ නැහැ, ජනතාව ස්වයංවාරණයෙන් කටයුතු කළ යුතුයි – කොවිඩ් කාර්ය සාධක බළකාය තීරණය කරයි



කොවිඩ් රෝගය පැතිරීම පාලනය සඳහා ඇති විසඳුම මුළු රටම එකවර හුදකලා කිරීම නොව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ස්වයංවාරණයක් යටතේ කටයුතු කිරීමට ජනතාවට වගකීම පැවරීම බව ජාතික කොරෝනා මර්දන කාර්ය සාධක බළකාය ඒකමතික තීරණයකට පැමිණ ඇති බව දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

ඒ අනුව කුමන තත්ත්වයක් යටතේ වුව සම්පූර්ණයෙන් රටම වසා දැමීමක් සිදු නොකිරීමට එම කාර්ය සාධක බළකාය තීරණය කර තිබේ. රෝගීන් වැඩිපුර හමුවන ප‍්‍රදේශ පමණක් හුදකලා කිරීම සහ ජනතාව වැඩිපුර රැස්වන අවස්ථා පාලනය කිරීමටද මෙහිදී තීරණය කර ඇත.

එසේම පවතින වසංගත තත්ත්වය හමුවේ රජයෙන් නීති පනවන තුරු බලා නොසිට කොරෝනා ආසාදිතයන් නොවී සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රම අනුගමනය කර අත්‍යවශ්‍ය කටයුතු හැර අනෙකුත් සංචරණයන් සීමා කරගනිමින් ස්වයං වාරණයක් පනවා ගැනීමේ වගකීම ජනතාව වෙත භාර කිරීමටද මෙහිදී තීරණය වී ඇතැයි පැවසේ.

එසේ ස්වයං වාරණයක් පනවා ගැනීමේදී රටේ සියලූ දෙනා අත්‍යවශ්‍ය කටයුත්කට හැර නගර අතර ගමන් කිරීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් පියවරක් වනු ඇතැයිද සඳහන් කර තිබේ.