தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
රතන හිමිගේ සුවදුක් බලන්න ඥානසාර හිමි ඇවිත්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රතන හිමිගේ සුවදුක් බලන්න ඥානසාර හිමි ඇවිත්!



මුස්ලිම් දේශපාලනඥයන් ලෙස රිෂාඩ් බද්යුදීන්, එම්.එල්.එම්. හිස්බුල්ලා, අසාද් සාලි තනතුරුවලින් පහකරන ලෙස ඉල්ලා තවත් ඉල්ලීම් සමග උපවාසයක් ආරම්භ කළ ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි වෙත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද(2) පැමිණියේය.

2014 නොවැමබරයේ රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමීපතමයකු ලෙස කටයුතු කළ රතන හිමි පසුව ජනාධිපති උපදේශකයකු ලෙස නම්කරන ලද අතර පසුව ජනාධිපතිවරයාගේ ව්‍යාපෘති සම්බන්ධ කටයුතුවල නිරත විය. ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සම්බන්ධයෙන් රතන හිමි විරුද්ධ වූ බවටද දේශපාලන අංශවල කතාබහට ලක් විය. කෙසේවෙතත් දේශපාලන අරමුණුවලට චීවරය යොදාගැනීම තවදුරටත් සිදුවන බවද චීවරය දරන භික්ෂුන් විවිධ දේශපාලන ක්‍රියාමාර්ගවලට යොමුකර එහි වාසි ලබාගැනීමට දේශපාලන නායකයන් කටයුතු කරන බවටද චෝදනා එල්ල වී ඇත.

අතුරලියේ රතන හිමි අද තුන්වන දිනටත් මෙම උපවාසයේ නිරතව සිටින අතර වන විට විජලනයට ලක්ව ඇති බවට මාධ්‍ය වාර්තා පළ විය.