தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
රත්නපුර නගරය වීඩියෝ කළ දෙදෙනකු අත්අඩංගුව අරන්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රත්නපුර නගරය වීඩියෝ කළ දෙදෙනකු අත්අඩංගුව අරන්!



රත්නපුර ප‍්‍රධාන බස් නැවතුම් පොළ අතුළු ප්‍රධාන ස්ථාන වීඩියෝ ගත කිරීම නිසා සැකපිට අත්අඩංගුවට පත් මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව රත්නපුර පොලීසිය පවසයි.

රක්වාන, උක්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවකු සහ කෑගල්ල, හෙම්මාවතගම, වෙල්ගහදෙනිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සෙනග වැඩිපුර ගැවසෙන පොදු ස්ථාන වීඩියෝ කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමේ දී එසේ කිරීමට පිළිගත හැකි හේතු ඉදිරිපත් කිරීමට අසමත් වූ බවද පොලීසිය පවසයි. මෙම සැකකරුවන්ගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම් වලින් පසු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය පවසයි.