Posted on 02.11.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
සිරදඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායකගේ මන්ත්රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පියවරක් නොගන්නා ලෙස දන්වමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත නිකුත් කර තිබෙන නියෝගය මාර්තු මස 16 වනදා දක්වා දීර්ඝ කිරීම අභියාචනාධිකරණය අද (11) නියම කර තිබේ.
රන්ජන් රාමනායක විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද යළි කැඳවූ අවස්ථාවේදී අහියාචනාධිකරණය විසින් එම නියෝගය ලබාදී තිබේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක පාර්ලිමේන්තු සැසිවාර සඳහා කැඳවන්නේ අධිකරණයෙන් ඒ සඳහා අනුමැතිය ලබාදුන්නොත් පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ(10) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.