தமிழ்
English
Contact
Friday 16th April 2021    
රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කරයි



රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
කතානායකවරයා කියා සිටියේ , මන්ත්‍රී ධුරය හිස්වීම පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දන්වා ඇති බවයි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිව් වසරක සිර දඬුවමක විඳිමින් සිටින රංජන් රාමනායක තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි නොකරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණු නමුත් පසුගියදා එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරෙණි.

රංජන් රාමනායකට මාස තුනක නිවාඩුවක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ඉල්ලීම ද කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඒ අනුව මාස තුනක් තිස්සේ පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී නොවීමේ හේතුව මත රාමනායකගේ මන්ත්‍රී අසුන අහිමි කර ඇතැයි වාර්තා වේ.