Posted on 01.14.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් පරස්පර අදහස් මතුවෙමින් තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිව් වසරක බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක ගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක යූ. ආර්. ද සිල්වා ජනවාරි 12 අඟහරුවාදා ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුනි.
ඒ අනුව, රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධුරය අහිමිවන අතර සිර දඬුවම අවසන් වන දින සිට තවත් වසර 7ක් දක්වා ඔහුගේ ඡන්ද අයිතියද අහිමිවනු ඇති බවටත් ඇතැම් ජනමාධ්‍ය ආයතන වාර්තා කර තිබුනි.
නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධුරය සුරක්ෂිත බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89, 91, 105 යන වගන්ති හොදින් කියවා බැලීමේදී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී භාවය අහෝසි වෙන්නට කිසිසේත්ම ව්‍යවස්ථානුකුලව, ඒ වගේම නෛතික අවස්ථාවක් නොමැති බව පැහැදිලිව පෙනෙන බව ඔහු පවසා තිබේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දිය යුතු දඬුවම හා එහි කාලසීමාව නීර්ණය කර නොමැති බැවින් ඔහුගේ ප්‍රජා අයිතිය අහිමි නොවන බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කර තිබේ.
භාෂණයේ නිදහස තහවුරු කරන ලෙසත් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන ලෙසත් ඉල්ලමින් සමගි ජන බලවේගය විසින් විරෝධතාවයක්ද පවත්වා තිබුණි.