Posted on 07.27.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ 03 පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ඇතුළු වී අලාභහානි කිරීම හා ගිනි තැබීම සම්බන්ධයෙන් හදුනාගන ඇති පුද්ගලයන් 14 දෙනකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සදහා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.
මෙම පුද්ගලයන් 14 දෙනා හඳුනාගනිමින් අවශ්‍ය නෛතික පියවර ගැනීම සදහා පොලිස් මුලස්ථානය විසින් මෙම පුද්ගලයන් 14 දෙනාගේ ඡායාරූප අද මාධ්‍යවෙත මුදාහැර තිබුණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සිදුවීමට අදාල සමීප ආරක්ෂක කැමරා වීඩියෝ දර්ශන ඇසුරින් මෙම ප්‍රධාන ක්‍රියාකාරීන් අනන්‍යතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය බව පොලිස් මුලස්ථානය පවසයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉවත්වන ලෙස කළ විරෝධතාව අතරතුර රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස මැයි 9 වැනිදා පත් කිරීමෙන් පසුව ජනතාව රනිල් වික්‍රමසිංහට අගමැතිධුරයෙන් ඉවත්වන ලෙස බල කරමින් විරෝධාත දැක්වූහ. කෙසේවෙතත්, හිටපු ජනාධිපතිවරයා දිවයිනෙන් පළා ගියේ රනිල් වික්‍රමසිංහ වෙත වැඩ බැලීමට භාර කරමිනි. ඉන්පසුව පාර්ලිමේන්තුවේ ඡන්ද 134කින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස නම්කරන ලදී.
ආණ්ඩුවට එරෙහි දීර්ඝ ජනඅරගලයට සහය දක්වමින් ඉකුත් 9 දා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොළඹ පැමිණි අරගලකරුවන් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහඅග්රාමාත්ය කාර්යාලය සිය ග්රහනය නතුකර ගැනීමෙන් පසු රාත්‍රි කාලයේ රනිල් වික්‍රමසිංහට අයත් පෞද්ගලිත නිවස ගිනි තබා විනාශ කර තිබුණි.