தமிழ்
English
Contact
Thursday 21st March 2019    
රනිල්ගේ මන්ත්‍රිධුරයට එරෙහිව පෙත්සමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රනිල්ගේ මන්ත්‍රිධුරයට එරෙහිව පෙත්සමක්!



එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් විකුමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය දැරීමට නුසුදුස්සකු ලෙස ප්‍රකාශ කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
කොළඹ මහනගර සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රිනි ෂර්මිලා ගෝනවල විසින් මෙම පෙත්සම ගොනුකර ඇත්තේ ‘යුක්තිය ‘උදෙසා කාන්තාවෝ’ නමැති සංවිධානයක සම-සභාපතිනිය වශයෙනි. රනිල් වික්‍රමසිංහ විසින් තමන්ගේ සමාගමක් රජය සමග ගනුදෙනු කිරීමේදී චෙක්පත් අත්සන් කර ඇති බවට මෙම පෙත්සමෙන් චෝදනා කර ඇති බව දැනගන්නට ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට තරම් නොවන ලෙස කටයුතු කිරීම පිළිබද චෝදනා යටතේ රනිල්වික්‍රමසිංහගේ මන්ත්‍රිධුරය අහෝසි කළ යුතු බවට චෝදනා කර තිබේ.

ඇතැම් මූලාශ්‍ර අනුව, රනිල් වික්‍රමසිංහ Lakehouse Printers and Publication PLC නමැති ලයිස්තුගත සමාගමේ කොටස් හිමියකු වන අර ඔහුට එහි කොටස් 38,964ක් හිමි වේ. එම සමාගම විසින් ලංකා බැංකුව, මහජන බැංකුව සහ NDB යන බැංකුවල චෙක්පත් මුද්‍රණය කිරීම සදහා වූ ගිවිසුමකට අත්සන් තබා 2014 වසරේ සිට වාණිජ කටයුතුවල නිරත වී ඇත. මෙහිදී ව්‍යාපාරික අරමුනු සමග ලාභ ඉපයීමේ ක්‍රියාදාමයකට රනිල් වික්‍රමසිංහද සම්බන්ධ බවට කරුනු අනාවරණය වන බැවින් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය දරමින්ම ආණ්ඩුවේ පාලනය යටතේ පවතින ආයතන සමග ව්‍යාපාරික ගනුදෙනු කිරීමේ චෝදනාවට ලක්ව තිබේ. ඒ නිසා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කිරීම සම්බන්ධව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පවතින නීතිවලට පටහැනි ලෙස කටයුතු කිරීම අධිකරණයේ සනාථ වුවහොත් මන්ත්‍රිධුරය අහිමි වේ. මින් පෙර රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමති ලෙස කටයුතු කරමින් මෙවැනි ව්‍යාපාරික ගනුදෙනුවලට සම්බන්ධවීම නිසා මන්ත්‍රි ධුරය අහිමි වූ අතර මහින්ද රාජපක්ෂ ඔහු නැවත පත් කළේය.