தமிழ்
English
Contact
Friday 18th September 2020    
රනිල් ඉල්ලා අස්වෙන්න සූදානම්, එ.ජා.ප. නායකත්වයට හතර දෙනෙක් යෝජනා කරති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රනිල් ඉල්ලා අස්වෙන්න සූදානම්, එ.ජා.ප. නායකත්වයට හතර දෙනෙක් යෝජනා කරති!



එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට  නම් හතරක් යෝජනා වී ඇති බව එම පක්ෂයේ ලේකම් අකිල විරාජ කාරියවසම් මාධ්‍ය හමුවේ පවසයි.
අද(10) මාධ්‍යවේදීන් අමතමින් ඔහු පැවසුවේ පක්ෂ නායකත්වය ඉල්ලා අස්වන බව දැනුම් දී තිබෙන බවත් නව නායකත්වයට නම් 4ක් යෝජනා වී ඇති බවත්ය. ඒ නම් මොනවාදැයි මාධ්‍යවේදීන් විමසූ විට හිටපු මන්ත්‍රිවරයා පැවසුවේ ” ‘මගේ නමත්, ඊට අමතරව රවි කරුණානායක, දයා ගමගේ සහ වජිර අබේවර්ධන යන අයගේ නම්” යෝජනා වී ඇති බවය.
මහමැතිවරණ පරාජයෙන් පසුව නායකත්වයේ අසාර්ථකභාවය සම්බන්ධ සුපුරුදු කතිකාව එජාපය තුළ මතුව ඇත. රනිල් වික්‍රමසිංහ දීර්ඝ කාලයක් නායකත්වය දැරුවද පක්ෂයේ දේශපාලන බලය ආරක්ෂා කරගැනීමට අසමත්වූවකු ලෙස හංවඩු ගැසී ඇත.
මේ අනුව, රනිල් වික්‍රමසිංහ ඉවත්වුවද නව නායකත්වයට නම් 4ක් යෝජනා වීමෙන් එමපක්ෂය තුළ නැවත ආරවුලක් ඇතිවන්නට නියමිත බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.