தமிழ்
English
Contact
Tuesday 28th January 2020    
රනිල් පක්ෂ නායකයන් හා ඇමතිවරු කැඳවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රනිල් පක්ෂ නායකයන් හා ඇමතිවරු කැඳවයි!



අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඇතිව තිබෙන දේශපාලන තත්වයන් සළකා අද(6) හදිසි රැස්වීමක් සඳහා පක්ෂ නායකයින් සහ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කැඳවා ඇත.

විශේෂ සාකච්ඡාවක් සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන් සහ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අද දින පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවා තිබිණි. කෙසේවෙතත් සාකච්ඡාවට ගන්නා ලද කරුණු මේ දක්වා අනාවරණය වී නැත.

මේ අතර, සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තමා නම් කරන ලෙස ඉල්ලා සිටින ලියුමකට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් බලහත්කාරයෙන් අත්සන් ලබා ගැනීමක් සම්බන්ධයෙන් එ.ජා.ප. නායකයාට පැමිණිලිකර ඇත.

එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීවරුන් ගණනාවක් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව සිය මාලදිවයින් සංචාරය අතරතුරදී දුරකථනය ඔස්සේ අමතා  පැමිණිලි කර ඇති අතර එසේ තර්ජන සහ බලපෑම් කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි තීරණයක් ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇත.