தமிழ்
English
Contact
Monday 10th December 2018    
රනිල්, රටම දූෂණය කළා, මාවත් විනාශ කළා - ජනාධිපති චෝදනා කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රනිල්, රටම දූෂණය කළා, මාවත් විනාශ කළා – ජනාධිපති චෝදනා කරයි



රනිල් වික්‍රමසිංහ තමන්ව විනාශ කළ බවද ඔහු ඉවත්කර මහින්ද රාජපක්ෂ පත්කිරීම එකවර ගත් තීන්දුවක් නොවන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

අද(4) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් ජනපතිවරයා  මේ බව පැවසීය.

ජනාධිපතිවරයා පැවසුවේ ඔක්තෝබර් 26 තීරණය සම්බන්ධව අද විවිධ අදහස් පළ වුවද එසේ විනාශකාරී පුද්ගලයකු පන්නා දැමීම තම අරමුණ වූ බවය. තමන් විසින් එහිදී ගැසට් නිවේදන 5ක් ප්‍රකාශයට පත් කළ බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා එහිදී කළ කතාවෙන් තෝරාගත් කොටස් පහත පළ වේ.

“දේශපාලන අර්බුදය විග්‍රහ කිරීමත් විද්‍යාවක්. මේ දේශපාලන අර්බුදයේ පසුබිම කුමක්ද 2015 ජනවාරි 8 දා මා බලයට පත්කළ මේ රටේ 6250000කට වැඩි ජනතාවට මා හිස නමා ආචාර කරනවා. මම 2014 නොවැම්බර් 21 දා ගත් තීරණය එදාටත් වඩා අද නිවැරදියි. එය යුගයේ අවශ්‍යතාවක් බවට පත්වුණා. එසේම පසුගිය ඔක්තෝබර් 26 දා ගත් තීන්දුව නිවැරදි දේශපලන තීන්දුව නිවැරදියි.

රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා පත්කිරිම හදිසියේ ගත් තීරණයක් නෙමෙයි. එය ගිරිදුර්ගයක ගමන් කළ තීන්දුවක් හා තීරණයක්. රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන දේශපාලන සංස්කෘතිය අමු අමුවේ දූෂණය කළා මෙන් රට  විනාශ කළා. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයත් විනාශ කළා. ඔහු යම් ප්‍රමාණයකට මාවත් විනාශ කළා. ඒ සියල්ලමට දීමට තිබූ එකම විසඳුම රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවෙන් පන්නා දැමීමයි කියන එක මම තීරණය කළා. අපි අපට ගැලපෙන දේශපාලන ගමනක් යා යුතු වෙනවා.

ඔහුගේ දූෂිත බව මම පසුගිය කාලයේදී කිව්වා. ඔහු ගෙනා බොහෝ පනත් මා ප්‍රතික්ෂේප කළා. රට විනාශ කිරීම මගේ ශක්තියෙන් පාලනය කළා. ඔහු දරදඩු මිනිසෙක් ලෙස ලිබර්වාදී දේශපාලන දර්ශනය රට විනාශ කිරීමේ ක්‍රමයක් ලෙස භාවිත කළා.

උතුරේ ජනතාව රැවට්ටුවා. උතුරේ ජනතාව වෙනුවෙන් දිය යුතු දේ ඔහු හිතාමතාම අතපසු කළා. මේ ගත්තාවූ දේශපාලන තීන්දුව ඊයේ දවස වගේම අද දවස වගේම හෙට දවසටත් නිවැරදියි.

පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළ සිදුවූ සිදුවීම් මා ගත් තීන්දු තීරණ රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමත් මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමත් රට ගැන හිතන ජනතාව ගැන හිතන මානව වාදි ප්‍රබුද්ධයින්ගේ ගමන් මගක් ශක්තිමත් කරන්නටත් මම පියවර රාශියක් ගත්තා.

මම ගැසට් නිවේදන පහක් ගැහුවා විධායක බලය භාවිත කරලා. රනිල් විකමසිංහ මහතා ඉවත් කරන්න, මහින්ද රාජපක්ෂ මහතා පත්කරන්න, කැබිනට් මණ්ඩලය විසුරවන්න, පාර්ලිමේන්තුව කල්දාන්න, පාර්ලිමේන්තුව විසුරුවාහරින්න මම විධායක බලව භාවිත කළේ මම රට බේරගන්න  බව ඔබට පැහැදිලිව කියන්න ඕන.

ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ගිය අයට නඩු විභාග කර අවසන් තීන්දු දුන්නේ නෑ. කිහිපයකට අතුරු තහනම් නියෝග දුන්නා. නඩු ගණනාවක් තිබෙනවා. මේ නඩු මිනී මැරීම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ නඩු නොවෙයි. මේවා දේශපාලන නඩු. මේ නඩු පිළිබඳව අධිකරණයෙන් දැක්වූ ප්‍රතිචාර ගැන රටේ ජනතාව මත විවිධ අදහස් තිබෙනවා. මම අධිකරණයට ගරු කරනවා. අධිකරණය දෙන්නා වූ තීන්දු තීරණ මම භාර ගන්නවා. අධිකරණයේ තීන්දු ගැන ජනතාවගේ මතය වෙනස්. කොටසක් කියනවා අධිකරණය මධ්‍යස්ථයි කියලා. ඇතැම් අය කියනවා අධිකණය ඒකපාර්ශ්වීයයි කියලා. සමහර කියනවා මහානායක හිමිවරුන් කියන්න බණ විහාරාධිපති මහානායක හිමිකෙනෙක් කියලා කියලත් කියනවා. මේ දේශපාලන අර්බුදය තුළ අපි හැසිරෙන්නේ නීතිගරුකව විනයගරුකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමය කරමින්.

රනිල් වික්‍රමසිංහ මහතා අහිමි වූ පුටුව  ලබා ගැනීමට විදේශීය තානාපතිවරුන් වන්දනා කරනවා. අපි වන්දනා කරන්නේ ජනතාවයි. ඒ තුළ ප්‍රධාන වශයෙන්ම මේ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට අරගෙන එක්සත් ජාතික පෙරමුණේ නායකයන් මම තුන්වරක් හමුවුණා. අපි පොහොට්ටුවේ අයත් සමග මිත්‍රශීලීව සාකච්ඡා කරනවා. එජාපේ නායකයින්ට කියපු දේ අදත් කියනවා පාර්ලිමේන්තුවේ ඉන්නේ 225යි මේ 225 අත්සන් කරලා දුන්නත් මම රනිල් අගමැති කරන්නේ නෑ කියන එක පැහැදිලිවම කියනවා. ඔහුගෙයි මගෙයි පුද්ගලික, පාට පිළිබඳ ප්‍රශ්ණයක් නෙමෙයි. ඔහු රටට නොගැලපෙන් දේශපාලඥයෙක්. ඔහුගේ දර්ශනය රටට ගැලපෙන්නේ නෑ. ඔහු  හිතනපතන විදිහ රටට ගැලපෙන්නේ නෑ.

ප්‍රශ්නය හැදුවේ මම නෙමෙයි. රනිල් වික්‍රමසිංහයි. ඒ දේශපාලන කරුමය රට වෙනුවෙන් අපි පිං කරලා විසඳගමු. ඒ පින කරන්න අපි හදන මල්වට්ටිය අත ගහමු.”