Posted on 05.12.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉවත්වන ලෙස බලකරමින් ජනතා විරෝධයක් මතුව තිබියදී රනිල් වික්රමසිංහ අගමැති ලෙස පත්කිරීමට එරෙහිව අද(12) සවස ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුට එරෙහිව ගාලුමුවදොර සිදුකෙරෙන ‘ගෝඨාගෝගම’ විරෝධයේ ඉල්ලීම් රටපුරා ජනතාවගේ ඉල්ලීම් හා සමාන්තරය. එසේවුවද ජනාධිපතිවරයා විසින් ජනතා විරෝධයට ලක් වූ හිටපු අගමැති මහින්ද රාජපක්ෂට ඉවත්වන ලෙස දන්වා රනිල් වික්රමසිංහ අගමැති ලෙස පත් කිරීම ගෝඨාගෝගම විරෝධතාකරුවන්ගේ දැඩි විරෝධයට ලක් විය.