Posted on 07.20.2022 by Chandana Sirimalwatte in ප්රධාන පුවත් පෙළ with 0 Comments
(TopNews) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතා විරෝධයට මුහුණ දී ගත නොහැතිව පළා යාමෙන් පසුව ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට පැවති පාර්ලිමේන්තු ඡන්ද වීමසීමෙන් රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත්විය.
දෙමළ ජාතික සන්ධානයේ මන්ර්ිවරු දෙදෙනකු ඡන්දය ප්රකාශකරන්නට පැමිණ සිටියේ නැති අතර ප්රකාශිත ඡන්ද අතුරින් 4ක් නිෂ්ප්රභා කෙරිණි. ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් රනිල් වික්රමසිංහ ඡන්ද 134 ක් ද, ඩලස් අලහප්පෙරුම ඡන්ද 82 ක්ද අනුර දිසානායක ඡන්ද 03 ක් ද ලබා ගත්හ.
මේ අනුව රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හිමි ධුර කාලය අවසන් වන 2024 නොවැම්බර් 16 දක්වා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.