Posted on 12.31.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනතාවගේ මැදිහත්වීමෙන් පරාජය කෙරුණු අම්පාර දිස්ත්රික්කයේ රඹකැන් ඔය වනය විනාශ කිරීමේදී සඟවන ලද වටිනා දැව කඳන් පොලිසියට සොයාගත හැකිව තිබේ.
ආණ්ඩුවේ වනාන්තර විකිණීමේ පියවරක ප්රතිඵලයක් ලෙස සමාගම් විසින් ආරම්භ කළ රඹකැන්ය මහා පරිමාණ වන විනාශයක් ජනතාව විසින් සංවිධානාත්මකව මැදිහත්වී නවතා දමන ලදී. ස්වභාවික වනයේ අක්කර 500ක පමණ ප්රදේශයක් තුළ සිදුකළ වන විනාශයට ‘ඇග්රො කෙමිකල්’ නමැති පෞද්ගලික සමාගම වගකිව යුතු බව දැනට හඳුනාගෙන ඇත. මෙම වනාන්තර විනාශය හැහර සිදුකරන දැව ජාවාරම පිළිබඳ පරික්ෂණ කිරීමේදී පොලිසියට රඹකැන්ඔය ජලාශ ඉවුරේ වළලා සඟවා දමා තිබුණු දැව කඳන් හමු වී තිබේ.