தமிழ்
English
Contact
Thursday 29th September 2022    
රසායනික පොහොර ගෙන්වීමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරනවා - මහින්දානන්ද අලුත්ගමගේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රසායනික පොහොර ගෙන්වීමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරනවා – මහින්දානන්ද අලුත්ගමගේ



රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදීම පිළිබඳ ගැසට් නිවේදනය අද නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

ඒ අනුව රසායනික පොහොර, පලිබෝධනාශක හා දිලීර නාශක ආනයනයට පෞද්ගලික අංශයට අවසර දෙන බවත්, හරිත කෘෂිකර්මය සඳහා වූ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොවන බවද අමාත්‍යවරයා පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.