தமிழ்
English
Contact
Thursday 29th September 2022    
රසායනික පොහොර ගෙන්වීමට ජනාධිපතිගේ අනුමැතිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රසායනික පොහොර ගෙන්වීමට ජනාධිපතිගේ අනුමැතිය



එළවළු, බඩ ඉරිඟු සහ ධාන්‍ය වැනි වගාවන්වල අවශ්‍යතාව මත කෘෂි රසායන පෞද්ගලික අංශය හරහා ආනයනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (22) අනුමැතිය ලබාදී තිබේ.

හරිත කෘෂිකර්මාන්තය තව දුරටත් රජයේ ප්‍රතිපත්තිය බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජය කිසිවිටක එම ප්‍රතිපත්තියෙන් බැහැර නොවන බව ද සඳහන් කර ඇති බව වාර්තා වේ.

අවශ්‍යතාව මත රජයේ මැදිහත්වීමෙන් තොරව කෘෂි රසායනික ද්‍රව්‍ය පෞද්ගලික අංශය මගින් ආනයන කළ හැකි බව ද කී ජනාධිපතිවරයා පැවසුවේ රසායනික පොහොර හෝ කෘෂි රසායන රජයේ සහනාධාර වැඩපිළිවෙළ යටතේ කිසිවිටෙකත් ලබා නොදෙන බවයි.

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මේ බව පැවසීය.

කාබනික පොහොර භාවිතය සහ රසායනික පොහොර තහනම් කිරීම මත රට තුළ ඇතිවී තිබෙන ව්‍යාකූල තත්වයට විසදුමක් ලබාගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.