தமிழ்
English
Contact
Saturday 19th June 2021    
රසායන කාන්දුවක් දැනුම් දුන් Xpress-Pearl ඊමේල් පණිවුඩය මකා දමලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රසායන කාන්දුවක් දැනුම් දුන් Xpress-Pearl ඊමේල් පණිවුඩය මකා දමලා



මේ වනවිට මුහුදුබත් වෙමින් පවතින Xpress-Pearl නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමේදී බහලුම්වල රසායන ද්‍රව්‍ය කාන්දුවක් ඇති බවට දැනුම් දෙමින් දේශීය නියෝජිත සමාගමට එවු ඊමේල් පණිවිඩය ඒ සමාගම විසින් මකා දමා ඇති බව වාර්තා වේ.

දේශීය ඒජන්ත සමාගම විසින් මෙසේ ඊමේල් පණිවිඩය මකා දැමීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ විට එම නියෝජිත ආයතනයේ පියවර අනුව මෙම විනාශය පිළිබඳ දැනුවත්භාවයක සිටියේද යන සැකයක් මතුවනු ඇත.

මේ අතර නොෟකාවේ මෙරට නියෝජිත ආයතනය නෞකාවේ කපිතාන්වරයා වෙත යවා තිබූ ඊමේල් කීපයද මකාදමා ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් ඒ හේතුවෙන් එම ඊමේල් ලිපිනයට අයත් ‘ආරක්‍ෂිත ඊමේල් ගෙනුව’ තම දෙපාර්මේන්තුවට ලබාදෙන ලෙසට නැවේ දේශීය නියෝජිතයාට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේතුව අධිකරණයෙන් ඉල්ලී්ලීම කළේය.

කෙසේ වෙතත් මෙම නැවේ කාර්ය මණ්ඩලයේ වගකිව යුත්තන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරන ලෙස කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වී ඇත. එවැනි නියෝගයක් කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව නෞකාවේ පාර්ශ්වය වෙනුවෙන් නීති තර්ක ප්‍රකාශ විය.