தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
රහස් පොලිස් අධ්‍යක්ෂකට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රහස් පොලිස් අධ්‍යක්ෂකට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්!



කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වෙත සිතාසි නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද(20) නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කරන ලෙසත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඉල්ලා නීතිඥවරයෙකුවන ජාලිය සමරසිංහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කල ඉල්ලීම සම්බන්ධයෙන් නියෝග ලබන 23 වනදා ලබා දෙන බව ප්‍රකාශ විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස, 2015.03.04 හා 2015.06.18 යන දිනවලදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් කළ නියෝගවලට අවනත නොවූ බවට චෝදන එල්ල වී තිබේ. ඔහු විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ පියවර නොගෙන, ඔවුන් අත්අඩංගුවට ගැනීම ඕනෑකමින්ම මගහැර ඇති බවද ඒ අනුව, දණ්ඩ නීති සංග්‍රහයේ 216(ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට නීතිඥවරයා සිය පැමිණිල්ලෙන් කරුණු දක්වා ඇත.

තමන්ට විරුද්ධව කැගී ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම පිණිස අධිකරණය හමුවේ පෙනී සිට නඩු කටයුත්තට සහභාගී නොවී විදේශ ගතවීමට වගඋත්තරකාර ශානි අබේසේකර කටයුතු කරන බව තොරතුරු ලැබී ඇති බැවින් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නීතිඥ සමරසිංහ වැඩිදුරටත් ඉල්ලා ඇත.