Posted on 08.14.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රාජංගනය ප්‍රදේශයේ පාසල් සිසුන් ගුරුවරන් ඇතුළු 30 දෙනෙකු පමණ නිරෝධායනයට ලක්කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.
එයට හේතුව එම ප්‍රදේශයේ පාසලක පාසල් සිසුවෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී ඇති බවට සිදුකළ පළමු පරීක්ෂණයේ දී තොරතුරු අනාවරණය වීමයි.
මේවනවිට මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2882ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ (13) දිනයේ දී එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇත.
එම පුද්ගලයා 59 වන සේනාංක පුහුණු පාසැල් නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු වේ.
මේ වන විට කොවිඩ්-19 ආසාදිතයෝ 225 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
තවත් පුද්ගලයින් 4461 දෙනෙක් ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 43ක නිරෝධායනය වෙමින් සිටියි.