தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
රාජපක්ෂවරුන්ගේ ජයග්‍රහණයකින් පවුල් බලයක බිය යළිත්! - රොයිටර් අනාවැකියක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජපක්ෂවරුන්ගේ ජයග්‍රහණයකින් පවුල් බලයක බිය යළිත්! – රොයිටර් අනාවැකියක්



ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පැමිණීමට අපේක්ෂා කරන අතර ඉදිරි වසර ආරම්භයේ පැවැත්වෙන මහමැතිවරණයේදී ඔහුගේ සහෝදරයා අගමැතිවීමට අපේක්ෂාවෙන් සිටින බව රොයිටර් පුවත් සේවය පවසයි.

ඊයේ(12) රොයිටර් පුවත් සේවයේ සංජීව් මිග්ලානි සහ ෂිහාර් අනීස් විසින් සම්පාදනය කළ පුවත් වාර්තාවකට අනුව මේ කරුණ අවධානයට ගෙන ඇත. එසේම රාජපක්ෂ පවුලේ තවත් සහෝදරයකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන උපාය මාර්ගික සැලසුම්කරුවා ලෙස කටයුතුකරන බව පෙන්වා දෙන රොයිටර් පුවත් සේවය, තවත් අයෙකු පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පත්වීම පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා කරයි. එපමණක් නොව, රාජපක්ෂ පවුලේ ඊළඟ පරම්පරාවේ පුද්ගලයින් තිදෙනෙක් ද මේ වන විට දේශපාලනයේ යෙදී සිටින බව එම පුවතින් කියැවේ.

බෙදුම්වාදී ඒල්.ටී.ටී.ඊ සංවිධානය රුදුරු ලෙස මර්දනය කිරීම සහ ලංකාවේ දේශපාලනය චීනය දෙසට නැඹුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති රාජපක්ෂවරුන් නැවත බලයට පැමීණිම පිළිබඳව බියක්ද ජනිතව පවතින බවද රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

විධිමත් මත විමසුමක් නොමැති වුවද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස යුද්ධය මෙහෙයවන්නට සම්බන්ධ වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට බොහෝ විට ඉඩ ඇති බවත්, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන රජයේ ඇමතිවරයකු වන සජිත් ප්‍රේමදාස පසුපසින් සිටින බවත් රොයිටර් පුවතින් අනාවරණය කරයි.