தமிழ்
English
Contact
Thursday 5th December 2019    
රාජපක්ෂවරු බලයට ආවොත් මුස්ලිම් නීති අහෝසි කරයි - රාවුෆ් හකීම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජපක්ෂවරු බලයට ආවොත් මුස්ලිම් නීති අහෝසි කරයි – රාවුෆ් හකීම්



මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් පවසන්නේ රාජපක්ෂවරු බලයට පැමිණියහොත් මුස්ලිම් නීති බරපතල තර්ජනයකයට මුහුණ දෙන බවත් ඔවුන් එය අහෝසි කර දමනු ඇති බවයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති රැළියකට එක්වෙමින් මේ අදහස් පළ කළ රාවුෆ් හකීම් මෙම නීති මුස්ලිම් ජනතාවගේ විශේෂ වරප්‍රසාදයක් බවද පැවසීය.

මුස්ලිම් පුද්ගලික නීතිය යනු තම මුතුන් මිත්තන් ඔවුන් වෙනුවෙන් ලබාගෙන ඇති අයිතියක් වන අතර ප්‍රතිසංස්කරණ සඳහා විවෘත විය යුතු වුවද උකුස්සන් රැළක් මෙන් විපක්ෂය මෙම නීතියේ පැවැත්ම මුළුමනින්ම අහෝසි කිරීමට බලා සිටින බවද රාවුෆ් හකීම් පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබුනේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වැඩිදුර විමර්ශනය කළ හොත්, රාජ්‍ය බුද්ධි අංශයේ රහසිගත ක්‍රියාකාරකම් සහ ඇතැම් රහසිගත ප්‍රභවයන් විසින් ඔවුන් වැරදි ලෙස හැසිරවූ ආකාරය හෙළි වනු ඇතැයි යන බිය හේතුවෙන් විපක්ෂය තේරීම් කාරක සභාව පිළිබඳ සැක මතු මතුකරන බවයි.