தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
රාජපක්ෂ කඳවුරේ ඉදිරිපත්වූ දුර්වලම අපේක්ෂකයා ගෝඨාභය - විජිත හේරත් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජපක්ෂ කඳවුරේ ඉදිරිපත්වූ දුර්වලම අපේක්ෂකයා ගෝඨාභය – විජිත හේරත්



රාජපක්ෂ කඳවුරෙන් ඉදිරිපත් කළ දුර්වලම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පවසා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ දුර්වලම අපේක්ෂකයා ලෙස සඳහන් කිරීමට හේතුව ලෙස විජිත හේරත් දක්වා ඇත්තේ ඔහු මූල්‍ය විනයක් නැති පරිපාලන විනයක් නැති හිතෙන පරිදි වැඩකරන නායකයෙක් බව ඉතිහාසයේ ඔප්පු කර ඇති බවයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු සතුවිය යුතු සුදුසුකම් ලෙස මහානායක හිමිවරුන්, කාදිනල්තුමා ඇතුළු ආගමික නායකවරුන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ එනම් නඩුවලින් වැරදිකරුවෙකු හෝ නඩුපවතින හෝ අයෙක් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් නොකරන ලෙස කරන ලද ඉල්ලීම ගෝඨාභයට නොමැති බවද විජිත හේරත් පවසා තිබේ.

මේ පාලක කණ්ඩායම් දෙකම එකට තබා පැරදවිය හැකි විකල්ප බලවේගයකට සමාජයේ ඉඩක් ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ තවත් වාමාංශික පක්ෂ, විද්වත් සංවිධාන, සිවිල් සංවිධානය ඇතුළු පක්ෂ හා සංවිධාන 28 ක් එකතු කරගෙන ජාතික ජනබලවේගය ගොඩනැගුවේ ඒ හිඩැස පිරවීමට බවද ප්‍රචාරක ලේකම්වරයා පවසයි.